Impartial news reporting for a stronger democratic society
ඉරාන ඉස්ලාමීය ජනරජය විනාශ කරන්න කුලී හේවායන්ට ඉඩ දෙන්නේ නැහැ – අධ්‍යාත්මික නායක සෙයිද් අලි කමේනි කියයි

ඉරාන ඉස්ලාමීය ජනරජය කිසි විටෙකත් විනාශ  කර දමන්නට  කිසිවකුටත් ඉඩ නොදෙන බවත්,  කඩාකප්පල්කාරීන්ට යටත් නොවන බවත්, ඇතැමුන් විදේශීය බලවතුන්ගේ  කුලී හේවායන් ලෙස ක්‍රියා කිරීම ඉරාන ජාතිය ඉවසන්නේ නැති බව ඉරාන  ඉස්ලාමීය ජනරජයේ  අධ්‍යාත්මික නායක සෙයිද් අලි කමේනි විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි.

ඉරාන  ඉස්ලාමීය ජනරජයේ  අධ්‍යාත්මික නායක මෙම ප්‍රකාශය කැර ඇත්තේ පසුගිය දා (09) රාත්‍රියේ ඉරාන ජනතාව අමතමිනි.

  තවදුරටත් අධ්‍යාත්මික නායකවරයා මෙසේද පවසා ඇත.

 ටෙහෙරානයේ සහ තවත් සමහර ස්ථානවල, විනාශකාරීන් පිරිසක් පැමිණ තම රටට අයත් ගොඩනැගිලි විනාශ කරනවා. එය හුදෙක්,  අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සතුටු කිරීමට සහ ඔහුගේ අනුමැතිය දිනා ගැනීමට  බව ඉතා පැහැදිලි. අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පදනම් විරහිත ප්‍රකාශයක් කර තිබූණා. ඉරාන රජය යම් ආකාරයකින් මෙම කැරලිකරුවන්ට විරුද්ධව ක්‍රියා කළහොත් ඔහු ඔවුන්ට සහාය දෙන බව  කියා  තිබෙනවා. ඔහු අනෙක් අතට, එවැනි ප්‍රකාශ මත තම බලාපොරොත්තු තබාගෙන සිටිනවා.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ වෙිලාවේ  කළ යුත්තේ,  තමාගේම රට  තුළ  මතුව ඇති ජාතිය අර්බුද  විසදා  ගෙන  පීඩා  විදින  ජනතාව ඉන්මුදවා  ගැනීමයි. ඔහුගේ දෑත් ඉරාන ජාතිකයන් දහසකට වැඩි පිරිසකගේ රුධිරයෙන්  තෙත් වී තිබෙනවා.. දොළොස් දින යුද්ධයේදී , අණ දෙන නිලධාරීන්, විද්‍යාඥයන් සහ කීර්තිමත් පුද්ගලයන් හැරුණු විට, අපගේ රටවැසියන් දහසකට අධික සංඛ්‍යාවක් සාමාන්‍ය සිවිල් වැසියන් දිවි පිදූවා.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා  විවෘතව ප්‍රකාශ කළේ, “මම නියෝගය දුන්නා; මම යුද්ධයට අණ කළා” යනුවෙනි. එමඟින් ඔහුගේ දෑත් ඉරාන ජනතාවගේ රුධිරයෙන්  තෙත් වී ඇති බව පිළිගනී. එහෙත් ඔහු ඉරාන ජනතාවගේ ආධාරකරුවකු බව කියා සිටී. අත්දැකීම් අඩු , නොසැලකිලිමත් පුද්ගලයන් පිරිසක් ඔහුව විශ්වාස කරනවා. ඔහුගේ වචන පිළිගන්නවා. ඔහුගේ කැමැත්තට අනුව ක්‍රියා කරනවා. ඔහුගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කුණු බඳුන් ගිනි තබනවා.

සැමට දන්වන්න !!

ඉස්ලාමීය ජනරජය ස්ථාපිත කරන ලද්දේ ලක්ෂ සංඛ්‍යාත ගෞරවනීය ජනතාවගේ රුධිරයෙන් වන අතර, එය කිසි විටෙකත් විනාශකාරීන් සහ කඩාකප්පල්කාරීන් හමුවේ පසුබසින්නේ නැති බව මම කියන්න කැමැති.  විදේශීය බලවතුන්ට සේවය කිරීම  ඉරාන ජනතාව ඉවසන්නේ නැහැ.

ඔබ කවුරුන් වුවත්, ඔබ විදේශීය නියෝජිතයකු ලෙස ක්‍රියා කර පිටස්තරයන් වෙනුවෙන් වැඩ කළ පසු, ජාතිය ඔබව ප්‍රතික්ෂේප කරනවා. ඉස්ලාමීය ක්‍රමය ද ඔබව ප්‍රතික්ෂේප කරනවා.

මුළු ලෝකයට ම විනිශ්චයක් දෙමින් , වාඩි වී සිටින ඒ අහංකාර මිනිසා දැනගත යුත්තේ, ඉතිහාසය පුරා සිටි ඒකාධිපතියන් සහ අහංකාර පාලකයන්  වූ පාරාවෝ, නිම්රොද්, රේසා ඛාන්, මොහොමඩ් රේසා වැනි අය  ඔවුන්ගේ ආඩම්බරයේ උච්චතම අවස්ථාවේදී  ජනතාව  ඔවුන්ව පෙරලා දැමූ බවයි. මේ අහංකාර මිනිසාට ද සිදු වන්නේ  එයයි.

ආදරණීය තරුණ ,තරුණියනි,

ඔබේ ඇදහිල්ල, ඔබේ දේශපාලන දැනුවත්භාවය, ඔබේ පැවැත්ම, ඔබේ සූදානම, රට ඉදිරියට ගෙන යෑමේ බැරෑරුම්කම ආරක්ෂා කර ගන්න.  ඔබේ එකමුතුකම ආරක්ෂා කර ගන්න. එක්සත් ජාතියකට ඕනෑම සතුරෙකු පරාජය කළ හැකි බව සිතට ගන්න.

Follow by Email
LinkedIn
Share
WhatsApp