Impartial news reporting for a stronger democratic society
ඉරාන – අමෙරිකා සාම දුතයෝ හෙට   ඕමා­න­යේ දී මුහුණට මුහුණ හමු වෙති ! ඉරා­න­යෙන් කොන්දේසි රැසක් — තුන්වැනි පාර්ශ්ව­ය­කට අව­සර නෑ

මැද­පෙ­ර­දිග කලා­පයේ යුද ගැටුම් වළක්වා ගැනීමේ අර­මු­ණින් සිදු කිරී­මට නිය­මිත සාක­ච්ඡාව තුර්කියේ  පැවැත්වීමට තිරණය කැර තිබුණ ද , ඉරානයේ ඉල්ලීම මත එම සාකච්ඡා ඕමා­නයේ පැවැත්වීමට  අමෙ­රි­කා­ව තිරණය කළ  බව  අනාවරණය වෙයි.

ඒ් අනුව හෙට (6) ඕමා­න­යේදී එම සාක­ච්ඡාව පැවැත්වීමට අමෙ­රි­කාව තීර­ණය කැර ඇති බවත්, මෙහිදී න්‍යෂ්ටික වැඩ­ස­ට­හ­නට පම­ණක්  සාකච්ඡා සීමා කිරීමට දෙපාර්ශ්වය තිරණය කැර ඇති  බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

කෙසේ වෙතත් පසු­ගිය වසරේ ඊශ්‍රා­යල යුද්ධ­යෙන් පසු බැල­ස්ටික් මිස­යිල වැඩි වශ­යෙන් නිෂ්පා­ද­නය කර­මින් සිටින ඉරා­නය සිය ආර­ක්ෂා­වට තර්ජ­න­යක් එල්ල වුව­හොත් එම මිස­යිල මුදා හරින බවට අන­තුරු ඇඟ­වීම හේතු­වෙන් න්‍යෂ්ටික වැඩ­ස­ට­හනට පම­ණක් නොව, බැලැ­ස්ටික් මිස­යිල සම්බ­න්ධ­යෙන් ද සාකච්ඡා කිරීම අමෙ­රි­කාවේ අර­මුණ වන බව ටෙහෙරාන් නුවර සිටින Cyber World Press  නියෝජිත සඳ­හන් කරයි.

 ඕමා­න­යේදී හෙට පැවැ­ත්වී­මට නිය­මිත අමෙ­රිකා – ඉරාන සාක­ච්ඡාව සඳහා ට්‍රම්ප්ගේ බෑන­ණු­වන් වන ජරේඩ් කුෂ්නර් සහ මැද­පෙ­ර­දිග විශේෂ නියෝ­ජිත ස්ටිව් විට්කොෆ් සමඟ ඉරා­නයේ විදේශ ඇමැති අබ්බාස් අරග්චි සහ­භාගි වීමට නිය­මිත බව ද  අනාවරණය වෙයි.

එම සාක­ච්ඡාව සඳහා පාකි­ස්තා­නය, සෞදි අරා­බිය, කටාර්, ඊජි­ප්තුව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු කලා­පයේ තවත් රට­වල් රැසක  ඇමැති­ව­රුන්ද සහ­භාගි වීමට නිය­මි­තව සිටි අතර, එම සාක­ච්ඡාව අමෙ­රි­කාවේ නියෝ­ජි­ත­යන් සමඟ පම­ණක් සිදු­විය යුතු බවට ඉරා­නය කොන්දේසි පනවා තිබේ.

හෙට පැවැ­ත්වෙන සාක­ච්ඡාව පිළි­බඳ අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් බලා­පො­රොත්තු රැසක් තබා සිටින අතර, ගල්ෆ් කලා­පයේ යුද­මය ආත­තිය සම­නය කිරී­මට ඉරාන නියෝ­ජි­ත­යන් සමඟ අඛ­ණ්ඩව සාකච්ඡා කරන බව ප්‍රකාශ කැර තිබේ.

අමෙ­රි­කානු යුද නැව් රැසක් මේ වන ­වි­ටත් ඉරා­නය දෙසට යාත්‍රා කර­මින් සිටින බව සඳ­හන් කැර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, සාක­ච්ඡාව අසා­ර්ථක වුව හොත් යුද නෞකා භාවි­ත­යට ගැනී­මට සිදු­වනු ඇතැයි අන­තුරු ඇඟවූ බව ද සඳහාන් වේ. න්‍යෂ්ටික වැඩ­ස­ට­හන පම­ණක් නොව විරෝ­ධ­තා­ක­රු­වන් ඝාත­නය කිරී­මත් නව­ත්වන ලෙස ඉරා­න­යට දැනුම් දුන් බව ද අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කැර තිබේ.

( ජායාරුපය — Reuters )

Follow by Email
LinkedIn
Share
WhatsApp