Impartial news reporting for a stronger democratic society
ඉරාන – අමෙරිකා අර්බුදයෙන් පාකිස්තාන දේශසීමා වෙළෙඳාමට බාධා පිට බාධා

ඉරානය සහ අමෙරිකාව අතර පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාකිස්තානය දේශසීමාව හරහා සිදුවන වෙළෙඳ ගනුදෙනු සහ පතල් කැණීම් ව්‍යාපෘති අවදානම් තත්ත්වයකට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

පසුගිය මාසයේ ඉරානය රජයට එරෙහි මතු වු  විරෝධතාව සහ අමෙරිකා – ඉරාන යුද උණුසුම ඉහළ යෑම පාකිස්තාන දේශසීමා වෙළෙඳ කටයුතු අඩාළ වීමට හේතුවනු ඇතැයි දෙරටේ ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කඩිනමින් කටයුතු සූදානම් කිරීමට පසුගිය වසරේ අගභාගයේදී ඉරානයේ සහ පාකිස්තානයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ද පවත්වා තිබූ අතර, දේශසීමා වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා අවධානය යොමු වූ බව ද  සඳහාන් වේ.

පසුගිය වසර 5 ඇතුළත දෙරට අතර දේශසීමා හරහා සිදුවන වෙළෙඳ කටයුතු 5% කින් වර්ධනය වී ඇති අතර, 2019 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 944ක් ලෙස පැවති දෙරට අතර වාර්ෂික වෙළෙඳාම 2024 වනවිට ඩොලර් බිලියන 1.2 දක්වා ඉහළ ගොස් ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp