
ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ෂරිෆ් විද්‍යා හා තාක්ෂණික විශ්වවිද්‍යාලයට අමෙරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම ප්‍රහාරයෙන් ජිවිත හානි සිදුනොවුවදව විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි කිහිපයකට සහ දේවස්ථානයට හානි සිදු වූ බව එහි සභාපති මසූඩ් ටජ්රිෂි ප්‍රකාශ කැර තිබේ. ප්‍රහාරය හේතුවෙන් ටෙහෙරාන් නගරයේ ප්‍රදේශ රැසක ගෑස් සැපයුම ද විසන්ධි වී ඇතැයි වාර්තා වේ.
වසර 60ක් පැරැණි ජාත්‍යන්තර කීර්තියට පත් ෂරීෆ් විද්‍යා හා තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ල කිරිම ට්‍රම්ප්ගේ යුද මානසිකත්වය පිළිබිඹු කරන සිදුවීමක් බව එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉරානයේ උප ජනාධිපති මොහොමඩ් රීසා ආරිෆ් ප්‍රකාශ කැර ඇත.
ඉරානයේ තාක්ෂණික දැනුම කොන්ක්‍රීට් ගොඩනැඟිලිවලට බෝම්බ හෙළීමෙන් විනාශ කළ නොහැකි බව ද සඳහන් කැර තිබේ. ෂරීෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කිහිපදෙනකු එරට න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ බවට ඊශ්‍රායලය සැක කරන අතර, මීට පෙර පසුගිය වසරේ පැවති දින 12ක යුද්ධයේදි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ෂරීෆ් විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික විද්‍යාඥ අයිසාර් ටබටබායි සහ ඔහුගේ බිරිය ජීවිතක්ෂයට පත්වූ බව සඳහාන් වේ.( දිනමිණ ඇසුරෙන්)
