
ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි ඝාතනය වී ඇති බව විදේශ මාධ්‍යය සඳහාන් කැර තිබේ.
ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ඊශ්‍රායල කැට්ස් පැවසුවද මේ පිළිබඳව ඉරානයෙන් කිසිදු තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අලි ලාරිජානි ඉරානයේ උපරිම ජාතික ආරක්ෂක මණ්ඩලයේ (SNSC) ලේකම්වරයා ලෙස 2025 අගෝස්තු මාසයේදී පත් කැර තිබේ.
ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයකු ලෙසද කටයුතු කැර ඇත.
ඔහු 2008 සිට 2020 දක්වා වසර 12ක් පුරා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයෙකි.
අලි ලාරිජානි මුලින් දැඩි මතධාරියකු ලෙස පෙනී සිටියද, පසුකාලීනව ඔහු “මධ්‍යස්ථ මතධාරී” නායකයෙකු ලෙස හඳුන්වනු ලැබීය.
මුලාශ්‍ර :
Israel says it’s killed Iran’s security chief Larijani and Basij commander
Israel says Iran’s security chief Ali Larijani has been killed in strike
Iran’s security chief, Ali Larijani, killed in airstrike, Israel says
