
ඉරානයේ නව උත්තරීතර අධ්‍යත්මික නායකයා ලෙස අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටබා හොසේනි කමේනි තෝරා පත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳඳහාන් කරයි.
අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු නව නායකයකු වහාම පත් කරගන්නා ලෙස එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දිගින් දිගටම එරට රජයට බලපෑම් කැර ඇති අතර, සාමාජිකයන් 88 දෙනකුගෙන් සමන්විත ආගමික කවුන්සිලය නව නායකයා ලෙස 56 හැවිරිදි මොජ්ටබා පත් කරගෙන ඇත්තේ පෙරේදා රහසිගත ස්ථානයක පැවති රැස්වීමකදීයි.
ආගමික කවුන්සිලයේ රැස්වීම පැවැත්වෙන බවට අනුමාන කරමින් ඊට පැය කිහිපයකට පෙර ඊශ්‍රායල හමුදාව දකුණු ටෙහෙරානයේ කෝම් ප්‍රදේශයේ පිහිටි එම කවුන්සිලයේ පැරණි මූලස්ථාන ගොඩනැඟිල්ලට දරුණු ප්‍රහාරයක් එල්ල කැර ඇති අතර, ඉරානයේ ටස්නිම් පුවත් ඒජන්සිය සඳහන් කර ඇත්තේ එම භාවිතයෙන් ඉවත් කළ පැරණි ගොඩනැඟිල්ලක් බවය.
හිටපු නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම ආගමික නායකයකු වන අලි රීසා පනාහියන් ප්‍රකාශ කැර ඇත්තේ සිය නායකයාගේ ඝාතනයට පළිගැනීම නව නායකයා හමුවේ ඇති අභියෝගයක් බවය.
කමේනිගේ ඝාතනයට පළිගැනීමට අසමත්වීම අනාගත නායකයන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවද ඔහු සඳහන් කළ බව ඉරාන් ඉන්ටර්නැෂනල් පුවත් සේවය සඳහාන් කෙළේය. අමෙරිකාව සමඟ කිසිදු ආකාරයක සටන් විරාමයකට එකඟ නොවන ලෙසත් අලි රිසා ඉරාන රජයෙන් ඉල්ලීමක් කැර ඇතැයි ද සඳහාන් වේ.
ඊශ්‍රායලයට සහ අමෙරිකාවට එරෙහිව අඛණ්ඩව සටන් කිරිමේ හැකියාව සිය හමුදාව සතුව පවතින බවත්, අමෙරිකාව සමඟ ගැටුම සමථයකට පත් කර ගැනිමේ කිසිදු අදහසක් නොමැති බවත් අයතුල්ලා කමේනිගේ උපදේශකවරයකු වන මොහොමඩ් මොකාබර් ද ප්‍රකාශ කැර තිබේ. ( දිනමිණ ඇසුරෙන්)
