Impartial news reporting for a stronger democratic society
ඉරානයේ කාර්ග් දුපතට බෝම්බ දැම්මේ විනෝදයටයි , තවත් කිහිප වතාවක් දමනවා – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

ඉරානයේ  තෙල් අපනයනයේ  ප්‍රධාන  සහ තීරණාත්මක මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපතට  බෝම්බ  දමනු ලැබුවේ විනෝදය සඳහා බව අමෙරිකා එක්සත් ජනපදයේ  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන්  කැර තිබේ.‍

අමෙරිකාවේ මාධ්‍ය ආයතනයක්  සමඟ සාකච්ඡාවක් පවත්වමින්  ට්‍රම්ප් මේ බව  ප්‍රකාශ කැර ඇත.

 ඉදිරියේදී විනෝදය” සඳහා එක්සත් ජනපදය තවත් කිහිප වතාවක් ඉරාන කාර්ග් දූපතට බෝම්බ දමන බව  පහර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී සඳහන් කැර තිබේ.

කිසිවිටකත් ඉරානය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් නොමැති බවත්, ඉරානයට ගිවිසුමක් ඇති කැර ගැනීමට අවශ්‍ය නම්, තවමත් කොන්දේසි ප්‍රමාණවත් නොවන බවත් එය කිරීමට අකමැති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.

එම කොන්දේසි මොනවාද යන්න පැවසීම ට්‍රම්ප් අකමැති වී ඇති අතර ඕනෑම න්‍යෂ්ටික අභිලාෂයක් අත්හැරීමට ඉරානයේ කැපවීම ගිවිසුමේ කොටසක් වනු ඇති බව ද සඳහන් කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp