
ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරිම සඳහා පැමිණෙන අමෙරිකානු ගුවන්යානාවලට සිය ගුවන් සීමාව වසා දැමූ බව ස්පාඤ්ඤ රජය නිවේදනය කැර තිබේ.
අමෙරිකානු හමුදාවට සිය භූමියේ කඳවුරු බැඳීමට ඉඩ නොදෙන බව ස්පාඤ්ඤයේ ආරක්ෂක ඇමැතිනිය මාගරිටා රොබෙල්ස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඉරානයට එරෙහි යුද්ධය නීතිවිරෝධී සහ අසාධාරණ ක්‍රියාවක් බව මීට පෙර ස්පාඤ්ඤයේ අගමැති පෙඩ්රෝ සැන්චෙස් ද ප්‍රකාශ කළ අතර, එරට මාධ්‍ය සඳහන් කරන්නේ ස්පාඤ්ඤ රජයේ තීරණය හේතුවෙන් සිය ගුවන් මාර්ග සහ සැපයුම් මාර්ග සඳහා විකල්ප මාර්ග භාවිත කිරිමට අමෙරිකාවට සිදුවීමෙන් ඔවුන්ගේ මෙහෙයුම් වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බවයි.
