Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් කරනවා – අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියයි

ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි.

ඔහු පවසන්නේ ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්‍රමණයක් සිදුනොකර සියලු අරමුණු සපුරාගත හැකි බවයි.

ප්‍රංශයේ ‘G7’ නියෝජිත හමුවට සහභාගිවී සිටින අතරවාරයේ මාර්කෝ රුබියෝ මෙම කරුණු අනාවරණය කෙළේය.

එහිදී රුබියෝ වැඩිදුරටත් පවසා සිටියේ, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම මාස ගණනක් නොව සති කිහිපයක් ඇතුළත සුදුසු පරිදි අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර යුද්ධය අවසන්වීමෙන් පසුවද ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සඳහා නාවික ගාස්තු පැනවීමට ඇති හැකියවන් ගැන G7 නියෝජිතයෝ ඔහු සමඟ සාකච්ඡා කැර තිබේ.

එහිදී පවසා ඇත්තේ හෝමූස් හරහා වෙළෙඳ ප්‍රතිලාභ ලබන යුරෝපීය සහ ආසියානු රටවලට නිදහස් ගමන් මාර්ගයක් සුරක්ෂිත කැර ගැනීමට නම්, අමෙරිකානු උත්සාහයන්ට සහයෝගය ලබාදිය යුතු බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp