Impartial news reporting for a stronger democratic society
ඉම්රාන් ඛාන් හමු­වන්න අව­ස්ථා­වක් දෙන්න ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යෝ නැවතත් රජ­යෙන් ඉල්ලයි

බන්ධ­නා­ගා­රයේ සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා අව­ස්ථා­වක් ලබා දෙන ලෙස ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් රජ­යෙන් ඉල්ලී­මක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් සහ නීති­ඥ­ව­රුන්ට පසු­ගිය නොවැ­ම්බර් මස 4 වැනි­දා­යින් පසු ඉම්රාන් හමු­වීම තහ­නම් කිරීම හේතු­වෙන් සිය නාය­ක­යාගේ සෞඛ්‍ය තත්ත්වය පිළි­බඳ සැක මතු වී ඇතැයි ද ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නාය­ක­යන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  කියයි.

2023 අගෝ­ස්තුවේ සිට රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ සිර­ගත කර සිටින හිටපු අග­මැ­ති­ව­රයා නීති­වි­රෝධී ලෙස හුදෙ­කලා කිරීම සම්බ­න්ධව සිය විරෝ­ධ­තාව පළ කරන බව ද ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නාය­ක­යන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉම්රාන් ඛාන් හමු­වී­මට අව­ස්ථාව ලබා දෙන ලෙස බල කර­මින් ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් සහ පක්ෂ නාය­ක­යන් පසු­ගි­යදා බන්ධ­නා­ගා­රය ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක ද නිරත වූ අතර, ඔහු පූර්ණ සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසු­වන බව තහ­වුරු කරන ලෙස ඉම්රාන්ගේ පුත්‍ර­යකු වන කාසිම් ඛාන් පාකි­ස්තාන රජ­යෙන් ඉල්ලී­මක් කර ඇති බව සඳහාන්ය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp