
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මියගිය ගණන 442 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උද්ගත වී ඇති තත්ත්වය මත සුමාත්‍රා දූපතට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව ඉන්දුනීසියානු රජය නිවේදනය කර ඇත.
බෙංගාල බොක්ක ආශ්‍රිතව මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවලට සහ අග්නිදිග ආසියාතික රටවලට බලපෑ මෝසම් වැසි සමඟ මෙවර ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ජනතාව දරුණු නාය යෑම් රැසකට ද මුහුණ පා සිටින අතර, විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ඊයේ (30) අඛණ්ඩව පස්වැනි දිනයටත් ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. සුමාත්‍රා දුපතෙහි ප්‍රධාන මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති බවත්, අන්තර්ජාල පහසුකම් බිඳ වැටී ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.
ගංවතුරෙන් සහ වර්සාවෙන් දැඩි හානි සිදුවී ඇති සුමාත්‍රා දූපතේ ටපානුලි ප්‍රදේශයේ නිවැසියන් දැඩි ආහාර හිඟයකට ද මුහුණ පා සිටින අතර, අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ එම ප්‍රදේශයට බෙදා හැරීම දුෂ්කර වී ඇතැයි ද සඳහාන් වේ. නිල නොවන වාර්තා සඳහන් කැර ඇත්තේ පවතින තත්ත්වය මත තවත් පුද්ගලයන් 279 දෙනකු අතුරුදන් වී ඇති බවය.
අතුරුදන් වූ බවට තොරතුරු පළ වන ප්‍රදේශවල දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කැර ඇතැයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කැර තිබේ. දැනටමත් පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් මුදාගෙන ඇති අතර, පළාත් 3ක සිර වී සිටින තවත් පුද්ගලයන් සිය ගණනක් ඉවත් කිරීමට බලධාරින් පියවර ගනිමින් සිටින බව ද සඳහාන් වේ.
