
————————————————– ————————————————————-
ඉන්දුනීසියානු ධජය සහිත MV GRAY PALM නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පාකිස්ථාන නාවික හමුදාව කටයුතු කැර ඇත.
පකිස්ථාන නාවික හමුදාවේ TABUK සහ MOAWIN නෞකා එක්ව, පකිස්ථාන වෙරළට ඔබ්බෙන් නාවික සැතපුම් 800 ක් ගැඹුරු මුහුදේ දී මෙම ක්‍රියාන්විතය සිදු කැර ඇත.
පකිස්ථාන වෙරළට ඔබ්බෙන් නාවික සැතපුම් 800 ක් (ආසන්න වශයෙන් කිලෝමීටර 1500) දුරින් ස්ථානගත කැර ඇති MV GRAY PALM නෞකාවේ අසාධ්‍ය තත්ත්වයේ පසු වු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) කළ විධිමත් ඉල්ලීමකට අනුව මෙම මෙහෙයුම සිදු කැර ඇත.
පකිස්ථාන නාවික හමුදාව පළමු ප්‍රතිචාර දක්වන්නකු ලෙස තම නැව් පිටත් කැර යැවූ අතර, ඉන් පසු රෝගී කාර්ය මණ්ඩල සාමාජිකයා සහ සහායකයා ඉවතට ගෙන ඇත.පසුව රෝගියාට පාකිස්තාන (PN) නෞකාවේදී අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දී ඇත.
පාකිස්තාන නාවික හමුදාවේ කඩිනම් ප්‍රතිචාරය සහ සහයෝගයට ශ්‍රී ලංකා බලධාරීන් සහ රෝගී පුද්ගලයාගේ පවුලේ අය පාකිස්තානයට ස්තූති කැර ඇත.
පාකිස්තාන නාවික හමුදාවේ ක්ෂණික සහ සාර්ථක වෛද්‍ය මෙහෙයුම් , ජාතිකත්වය නොසලකා මුහුදේ දී සිදු කිරීමෙන්, ඔවුන්ගේ දිගුකාලීන කැපවීම සහ හැකියාව ලොවට කියන තවත් හොඳ සාක්ෂියක් ලෙස මෙය හැදින්විය හැකිය.
චන්දන විජේකෝන්
