Impartial news reporting for a stronger democratic society
ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අරාබි මුහු­දේදී තෙල් නෞකා 3ක් අත්අඩංගුවට ගනී

ජාත්‍ය­න්තර මුහුදේ සිදු කරන නීති ­වි­රෝධී තෙල් ජාවා­ර­මට එරෙහි මෙහෙ­යු­මක් යටතේ ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අරාබි මුහු­දේදී තෙල් නෞකා තුනක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය   සඳහාන් කරයි.

 සමාජ මාධ්‍ය ජාලයේ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය සඳ­හන් කැර ඇත්තේ බට­හිර මුම්බායි වෙරළ තීරයේ සිට නාවික සැත­පුම් 100ක් දුරින් එම නෞකා අත්අ­ඩං­ගු­වට ගත් බවයි. තීරු­බදු වළක්වා ගැනී­මට සහ සම්බා­ධක මඟ හැරී­මට ජාත්‍ය­න්තර මුහුදේ තෙල් ජාවා­රම බහු­ලව සිදු­වන බව ද ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ.

අත්අ­ඩං­ගු­වට පත්වූ තෙල් නෞකා අයත් රට කව­රේ­දැයි ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය සඳ­හන් නොක­ළද, එම නෞකා ඉරා­න­යට අයත් බව එරට මාධ්‍ය සඳහාන් කැර තිබේ. කෙසේ වෙතත් එම තොර­තුරු සම්බ­න්ධව ඉරාන හෝ ඉන්දීය රජය මෙතෙක් කිසිදු ප්‍රකා­ශ­යක් සිදු කැර නොමැති බව ද සඳහාන් වේ.

ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අත්අ­ඩං­ගු­වට ගත් අල් ජෆ්සියා, ඇස්පාල්ට් ස්ටාර් සහ ස්ටෙලා රුබි නමැති නෞකා බව සාගර මෙහෙ­යුම් නිරී­ක්ෂ­ණය කරන වෙබ් අඩ­වි­යක් තහ­වුරු කර ඇති අතර, ඉන් ස්ටෙලා රුබි නෞකාව ඉරාන ධජය යටතේ යාත්‍රා කර­මින් තිබූ බවද සඳ­හන් කැර ඇත. එම නෞකා අමෙ­රි­කානු සම්බා­ධ­ක­ව­ලට ඇතු­ළත් බව ද එහි සඳ­හන් වෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp