Impartial news reporting for a stronger democratic society
ඉන්දීය නෞකා 22ක් පර්සි­යානු ගල්ෆ් මුහුදේ සිර වෙලා

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන හමු­දා­ව අව­හිර කිරීම හේතු­වෙන් ඉන්දීය නෞකා 22ක් පර්සි­යානු ගල්ෆ් මුහුදේ සිරවී ඇති බව ඉන්දිය නාවික අමා­ත්‍යාං­ශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රකාශ කළ බව Cyber World Press  සඳහාන් කරයි.

එම නෞකා­වල කාර්ය මණ්ඩ­ල­යට අයත් ඉන්දීය ජාති­ක­යන් 611 දෙනකු ද නිරු­ප­ද්‍රි­තව සිටින බව ඔහු සඳ­හන් කැර තිබේ. අඛ­ණ්ඩව පැය 24 පුරා එම නාවි­ක­යන් නිරී­ක්ෂ­ණය කර­මින් සිටින බව ද නාවික අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර ඇති බව  මාධ්‍ය සඳ­හන් කරයි.

මේ අතර රුසි­යානු බොර­තෙල් බැරල් ලක්ෂ 8කට ආසන්න ප්‍රමා­ණ­යක් පටවා ගත් නෞකා­වක් මැංග­ලූරු වරායට නාවික සැත­පුම් 10ක් පමණ දුරින් අරාබි මුහුදේ නැංගූ­රම් ලා  ඇති බව අනාවරණය වේ.

ඉරාන සහ මැද­පෙ­ර­දිග යුද ගැටුම් මධ්‍යයේ රුසි­යා­වෙන් බොර­තෙල් මිලදී ගැනීම සඳහා අමෙ­රි­කා­වෙන් ඉන්දි­යා­වට දින 30ක සහන කාල­යක් ලබා දීමෙන් පසු ඉන්දි­යාව රුසි­යානු බොර­තෙල් බැරල් මිලි­යන 30ක් මිලදී ගෙන ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය පසු­ගි­යදා සඳහාන්  කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp