Impartial news reporting for a stronger democratic society
ඉන්දීය ධීවර යාත්‍රා 4කින් ආ  35 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා  අත්අඩංගුවට

 ශ්‍රී ලංකා මුහුදු  සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (4) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනකු (35) ඊයේ (3)  නාවික හමුදා භාරයට ගැනීමට  හැකි ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 02 වැනි දින සහ 03 වැනි  අළුයම් කාලයේ  වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන්  මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී   මෙම ඉන්දිය ධීවරයන් 35 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු  නිසා , සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදු කරයි. එමඟින් මෙරට සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම හා දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් වූ සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම, ස්ථිර කැපවීම මෙගින් අවධාරණය කෙරේ.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙත සහ මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාරදී ඇත.