
ඉන්දියාවේ වයඹදිග කාශ්මීර කලාපයට 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.භූමිකම්පාව පසුගිය 18වැනි දා රාත්‍රියේ ඇතිව තිබෙන අතර, එහි කේන්ද්‍රය කිලෝමීටර 171 ක ගැඹුරකින් යුත් ලඩාක් කලාපයේ පිහිටා ඇතැයි ඉන්දිය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව හිමාලයා තීරයේ කොටසක් වන ලඩාක් කලාපයෙන් මේ කම්පනය වාර්තා වී ඇත.
ජීවිත හානි හෝ දේපොළ හානි පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
සිදුවිය හැකි පසු කම්පන හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස ජනතාවට උපදෙස් නිකුත් කැර ඇතැයි ද බලධාරීන් කියයි.
