
මීන් විසි අට දෙනෙකු රැගෙන ගමන් ගත් බස් රථයක් ඉන්දියාවේ උත්තරාකන්ඩ් හි නරේන්ද්‍ර නගර් ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් මීටර් 70 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
එහිදී පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහාන් කරයි.
මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයේ ක්‍රියාකාරීව කටයුතු කරන බව ප්‍රදේශීය නිලධාරීන් තහවුරු කෙළ්ය.
