Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවේ ඔඩීෂා

ඉන්දීයා රජයේ විභාගයක් පැවැත්වීම සඳහා ඔඩීෂා ගුවන් ධාවන පථය යොදා ගෙන ඇති බව අනාවරණය වෙයි.

.ඔඩීෂා හි ග්‍රාම ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග විභාගයක් මෙලෙස පවත්වා ඇති අතර, ඒ සඳහා විභාග අපේක්ෂකයින් 8,000 කට වැඩි පිරිසක් පෙනී සිට  ඇත.

මෙලෙස විශාල විභාග අපේක්ෂකයන් සංඛ්‍යාවක් විභාගය වෙනුවෙන් එකවර පෙනී සිටීම හේතුවෙන් මතු වූ ශාලා ගැටලුවට පිළියමක් ලෙස ගුවන් ධාවන පථය විභාගය සඳහා යොදා ගැනීමට ඔඩිෂා බලධාරීන් පියවර ගෙන ඇත.

මේස හෝ පැදුරු සපයා නොතිබූ බැවින්, අපේක්ෂකයින් විභාගය ලිවීමට ගුවන් පථයේ මතුපිට භාවිත කැර ඇති අතර, විභාගය අධීක්ෂණය කිරීමට සහ විභාගය අතරතුර විනය පවත්වා ගැනීමට ඩ්‍රෝන යානා යොදවා තිබූ බවයි  සඳහාන් වෙයි.

කෙසේ වෙතත් 8,000කට වැඩි සංඛ්‍යාවක් පෙනී සිටි මෙම විභාගයෙන් තෝරාගනු ලබන්නේ පුරප්පාඩු 187ක් සඳහා පමණක්වීම විශේෂත්වයකි.

(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp