
ඉන්දියාව පළමුවරට කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් වෛද්‍ය සායනයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය සහ නවදිල්ලි නුවර මායිමේ පිහිටි නොයිඩා යන කෙටි නමින් හඳුන්වනු ලබන ඔක්ලා කාර්මික සංවර්ධන කලාපය කේද්‍රකර ගනිමින් ආරම්භ කැර ඇති කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සායනය ලොව දියුණු තාක්ෂණය මහජන සෞඛ්‍ය සේවයට එක් කිරීමේ ඓතිහාසික පියවරක් ලෙස ඉතිහාසයට එක්වූ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය සඳහන් කෙළේය.
එක්ස් කිරණ, අල්ට්‍රා සවුන්ඩ්, සීටී ස්කෑන්, එම්ආර්අයි වාර්තා සහ රසායනාගාර පරික්ෂණ සිදු කිරීමට සහ රෝග විනිශ්චය කිරීමේ නිරවද්‍යතාව සහ වේගය ඉහළ නැංවීමට කෘත්‍රිම බුද්ධි වෙද්‍ය සායනය මඟින් අවස්ථාව ලැබී ඇතැයි ද සඳහාන් වේ.
විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍රිම බුද්ධ වෛද්‍ය සායනය යටතේ මුල් අවස්ථාවේදීම රෝග හඳුනා ගැනීමට, වකුගඩු රෝග, හෘද රෝග සහ අක්මාව ආශ්‍රිත රෝගාබාධ වේලාසනින් හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට උපකාරී වනු ඇති බවයි. රුධිර පරික්ෂණ විශ්ලේෂණය කිරීම, රෝග සුව වීමේ කාලසීමාව පුරෝකථනය කිරීම සහ ජානමය පරික්ෂාවන් ද නොයිඩාහි ආරම්භ කළ කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සායනයෙන් සිදු කිරීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සමන්විත වෛද්‍ය සායනය පසුගිය වසරේ මැද භාගයේදී චීනය ලොව පළමුවරට අත්හදා බැලූ අතර, ඊට මාසයකට පසු සවුදි අරාබිය ද කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සායනයක් ආරම්භ කරමින් එරට සෞඛ්‍ය සේවයේ විප්ලවයක් සිදු කැර තිබිණි. ( දිනමිණ ඇසුරෙන්)
