
දිට්වා සුළි කුනාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ඉන්දියාව ආරම්භ කළ සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියානු රජයේ ආධාර රැගත් තවත් නෞකාවක් ඊයේ (15) කොළඹ වරායට ළඟා විය.
හාල්, පරිප්පු, කිරිපිටි වැනි අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ටොන් 54.4 ක ආධාර තොගයක් රැගෙන ෂෞර්යා (shaurya) වෙරළාරක්ෂක නෞකාව මෙලෙස කොළඹ වරායට ළඟා විය.

මෙම ද්‍රව්‍ය භාරදීමේ අවස්ථාව ඊයේ සවස් වරුවේ පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ද්‍රව්‍ය භාර ගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගී විය.
මෙම ව්‍යසනකාරී තත්ත්වය සැලවීමත් සමඟ ඉන්දියාව, ශ්‍රී ලංකාවට ශක්තියක් වෙමින් ලබා දෙන සහයෝගය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටියේය.
