Impartial news reporting for a stronger democratic society
ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැව ටෝපිඩෝවකින් ගිල්වා දැමූවා – අමෙරිකාවේ ආරක්ෂක ලේකම් – සබ්මැරින් ප්‍රහාර කතාව බොරුවක් – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පවසා ඇත.
“ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, අමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව,” ඔහු එහිදී සඳහන් කැර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කැර නොතිබිණ.

සබ්මැරින් ප්‍රහාරයක් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරනවා’- නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරින් ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය අද සඳහාන්  කර තිබිණ.
මාර්තු  4 වැනි දා සවස පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුයේ, ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරින් ප්‍රහාරයක් බවට විදෙස් මාධ්‍ය සිදු කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවයි.
යාත්‍රාවේ සිටි සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්, නිවැරදි සංඛ්‍යාලේඛන දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් අනාවරණය කැර ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ප්‍රශ්නය  ;
විදේශීය මාධ්‍ය ගණනාවක් සඳහාන් කරලා තියෙනවා මේ නාවික හමුදාව පැවසුවා කියලා මේ නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූ බවට?
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක :
ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා නාවික හමුදාව වශයෙන්.
අනතුර සිදු වූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට විශේෂඥ සහ තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් පැවසිය.

Follow by Email
LinkedIn
Share
WhatsApp