Impartial news reporting for a stronger democratic society
ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ ක්‍රියා­ත්මක   සන්නද්ධ කණ්ඩා­යම්වලට පකිස්ථානයෙන් ගුවන් ප්‍රහා­රය

පකි­ස්තා­නයේ නගර රැස­කට එල්ල වූ මරා­ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහා­ර­ව­ලට ප්‍රති­චාර දැක්වී­මක් ලෙස පකි­ස්තාන හමු­දා­වෙන් ඇෆ්ග­නි­ස්තා­න­යට ගුවන් ප්‍රහා­ර­ එල්ල කැර ඇත.

ඊයේ (22) අලු­යම් කාල­යේදී එම ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇෆ්ග­නි­ස්තා­නයේ දේශ­සීමා ආස­න්නයේ පිහිටි ප්‍රදේ­ශ­ව­ලට බව ද වාර්තා වේ. ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාව ආස­න්නයේ ක්‍රියා­ත්මක වන සන්නද්ධ කණ්ඩා­යම් ඉලක්ක කර­මින් ගුවන් ප්‍රහා­රය එල්ල කළ බව පකි­ස්තා­නය ගුවන් හමුදාව නිවේ­ද­නය කර ඇත.

එම ප්‍රහා­ර­ව­ලින් දරු­වන් සහ කාන්තා­වන් ඇතුළු විසි­දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව තලේ­බාන් සංවි­ධා­නය ප්‍රකාශ කැර තිබේ. පකි­ස්තාන ගුවන් ප්‍රහා­ර­ව­ලින් නිවාස සහ ආග­මික ස්ථාන රැසක් විනාශ වූ බවත්, එම ප්‍රහා­රය තර­යේම හෙළා දකින බවත් තලේ­බාන් රජය නිවේ­ද­නය කැර ඇති බව අනාවරණය වෙයි.

පකි­ස්තා­නයේ බෝම්බ ප්‍රහා­ර­ව­ලට වග කිව යුතු ටෙහෙ­රීකි තලේ­බාන් ත්‍රස්ත සංවි­ධා­නය සහ ඊට අනු­බ­ද්ධිත තවත් සන්නද්ධ කණ්ඩා­ය­ම්ව­ලට රැක­ව­ර­ණය ලබා දෙන බවට පකි­ස්තාන රජය දිගින් දිග­ටම ඇෆ්ග­නි­ස්තා­න­යට චෝදනා කර­මින් සිටින අතර, එම චෝදනා තලේ­බාන් රජය ප්‍රති­ක්ෂේප කැර  ඇති බව සඳහාන්ය.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp