
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමැතිවරුන් හය දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ පෙත්සම්කරුගෙන් පසුගිය දා (30) ශ්‍රී ලංකා අල්ලස් කොමිසමට පැය තුනකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.
කැබිනට් ඇමැතිවරුන් පස් දෙනෙකු සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකු තම ධනය උපයා ගත් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටිමින්, අල්ලස් හා දූෂණ විරෝධී පුරවැසි බලය කණ්ඩායමේ සභාපති ජමුණි කමන්ත තුෂාර මහතා පැමිණිල්ල ගොනු කැර ඇත.
පැමිණිල්ලට අනුව ඇමැතිවරුන් වන්නේ, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල යන අයයි.
ප්‍රකාශය ලබා දීමෙන් පසු අදහස් දක්වමින් තුෂාර මහතා, දිවයින පුවත්පතට පැවසුවේ කොමිසම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අදාළ ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
“වත්කම් ප්‍රකාශන කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙන්නේ නැති ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ යුතුකමයි,” ඔහු පැවසුවේ වත්කම් සත්‍ය ලෙස ප්‍රකාශ කැර තිබේද යන්න පිළිබඳව දූෂණ විරෝධී පනත යටතේ සැකයන් පවතින බවයි.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, තම පක්ෂයේ කිසිදු සාමාජිකයකුට වත්කම් හෝ බැරකම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී නොමැති බවයි. පක්ෂයේ කිසිවෙකු අයථා ලෙස මුදල් උපයා නොමැති බවත්, අනාගතයේදී එසේ නොකරන බවත් ඔහු අවධාරණය කැර ඇත.( The Leader , ඇසුරෙන් )
