Impartial news reporting for a stronger democratic society
ඇමැතිවරුන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් !

දූෂණ හා නීති විරෝධී ධනය රැස් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කැර  ඇති බව අනාවරණය වෙයි.

අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජමුණි කමන්ත තුෂාර විසින් ගොනු කරන ලද පැමිණිල්ලකින් පසුව මෙම පරීක්ෂණය ආරම්භ කැර ඇත..

ඇමැතිවරුන් වන ආචාර්ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි සහ සුනිල් වටගල යන අයගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

මූල්‍ය ගනුදෙනු, වත්කම් ප්‍රකාශන සහ ආදායම් මාර්ග පරීක්ෂා කිරීමට කොමිසමට බලය පවරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණය පවත්වනු ලැබේ.

විමර්ශනයට අදාළව, පැමිණිලිකරුට 30 වැනි දින CIABOC කාර්යාලය හමුවේ පෙනී සිට සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා දෙන ලෙස සහ චෝදනාවලට අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙස නියෝග කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp