Impartial news reporting for a stronger democratic society
ආසි­යා­වට තෙල් දීම කප්පාදු කරන්න සවුදියේ ඇරම්කෝ සමා­ග­මෙන් තීර­ණ­යක් !

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බු­දය හේතු­වෙන් ලොව විශා­ල­තම තෙල් අප­න­ය­න­කරු වන සවුදි අරා­බියේ ඇරම්කෝ සමා­ගම ආසි­යා­තික රට­ව­ලට බොර­තෙල් සැප­යුම සීමා කිරී­මට තීර­ණය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

පසු­ගිය පෙබ­ර­වාරි මාස­යේදී මිලි­යන 7.108ක දෛනික බොර­තෙල් බැරල් ප්‍රමා­ණ­යක් ආසි­යා­වට අප­න­ය­නය කළ ඇරම්කෝ සමා­ගම මේ මාස­යේදී අප­න­ය­නය කැර ඇත්තේ මිලි­යන 4.355ක බොර­තෙල් බැරල් ප්‍රමා­ණ­යක් පම­ණක් බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ අව­හි­ර­තාව මඟ හරවා ගැනී­මට ලබන අප්‍රේල් මාස­යේදී සිය ගැනු­ම්ක­රු­වන්ට බට­හිර දෙසින් පිහිටි යැන්බු වරාය ඔස්සේ රතු මුහුද හරහා සැහැල්ලු බොර­තෙල් පම­ණක් අප­න­ය­නය කිරි­මට තීර­ණය කැර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. ලාභ­දායි සහ විය­දම් අඩු ඝන බොර­තෙල් මත රඳා පව­තින ආසි­යා­තික වෙළෙඳපොළ ඇරම්කෝ සමා­ගමේ තීර­ණ­යෙන් තව­දු­ර­ටත් බල­ශක්ති අර්බු­ද­ය­කට තල්ලු වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඇරම්කෝ සමා­ගමේ විශා­ල­තම තෙල් ආන­ය­න­කරු වන චීනය වාර්ෂි­කව ඝන බොර­තෙල් බැරල් මිලි­යන 500ක් පමණ ලබා­ගන්නා අතර, ඉන්දි­යාව, ජපා­නය, දකුණු කොරි­යාව ඇතුළු ආසි­යා­තික රට­වල් රැසක් ද සැල­කිය යුතු ඝන බොර­තෙල් ප්‍රමා­ණ­යක් ඇරම්කෝ සමා­ග­මෙන් ආන­ය­නය කරන බව සඳහාන් වේ. ඝන බොර­තෙ­ල්ව­ලට අම­ත­රව චීනය පිරි­ප­හ­දුව පහසු කර­වන සැහැල්ලු බොර­තෙල් ද ඇරම්කෝ සමා­ග­මෙන් ආන­ය­නය කරන අතර, චීනයේ සිනෝ­පෙක් සමා­ගම රතු මුහුද හරහා මේ මාස­යේදී සැහැල්ලු බොර­තෙල් බැරල් මිලි­යන 24ක් ඇරම්කෝ සමා­ග­මෙන් ආන­ය­නය කැර ඇතැයි  ද අනාවරණය වේ. ( දිනමිණ ඇසුරින්)

Follow by Email
LinkedIn
Share
WhatsApp