Impartial news reporting for a stronger democratic society
ආපදා මරණ 153 ක් ඉක්මවා යයි – 191ක් අතුරුදන්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොට ගෙන මේ වන සිදු ව ඇති මරණ ගණන 153ක් ඉක්මවා ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම පුද්ගලයින් 191ක් දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ද පවසයි.

එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයට අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 179,868ක පුද්ගලයින් 646,567 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.

එමෙන්ම පවුල් 22,212කට අදාළව පුද්ගලයින් 78,010දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 716ක රැඳී සිටින බව අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp