Impartial news reporting for a stronger democratic society
අසල්වැසියාට මුල් තැන දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකා ජනතාවට ඉන්දියාවෙන්  කඩිනම් සහනාධාර

දිට්වා සුළි කුණාටුව හමුවේ විපතට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කඩිනමින් සහනාධාර ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

පීඩාවට පත් පවුල් සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ‘සාගර් බාන්ධු’ නම් මෙහෙයුම යටතේ මෙලෙස හදිසි සහන ආධාර ලබාදීමට කටයුතු යොදා ඇති බව අනාවරණය  වෙයි.

මේ වන විට මෙරටට පැමිණ සිටින ඉන්දීය නාවික නෞකා ද්විත්වයක් වන INS Vikrant හා INS Udaygiri වෙතින් මෙම සහනාධාර ලබාදී ඇත.

මේ යටතට වියළි සලාක ටොන් 4.5 ක් හා නැවුම් සලාක ටොන් 2 ක් ඇතුළත් වන අතර, ඒවාට අත්‍යවශ්‍ය ආහාර, ඇසුරුම් කළ සහ කෑමට සූදානම් ආහාර වර්ග, කිරි සහ බේකරි නිෂ්පාදන, පාන වර්ග හා අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් වේ. ඊට අමතරව අනෙකුත් අත්‍යවශ්‍ය දිවි ගලවා ගැනීමේ ද්‍රව්‍ය ද භාර  දී ඇත.

අද දිනයේදී X සටහනක් එක් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද පවසා තිබුණේ ඉදිරියටත් ආධාර ලබාදීමට ඉන්දියාව සූදානම් බවත්, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම අවස්ථාවේදී ස්ථිරවම ලංකාව සමඟ සිටින බවත්ය.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp