Impartial news reporting for a stronger democratic society
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් සරත් සහ දේවප්‍රිය රිමාන්ඩ්

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ නීතිඥ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය මෙමස 17වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගරගත කැර තිබේ.
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (07) අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබුණි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන, හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලව ඇත.

නීතිඥ සරත් කෝන්ගහගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන අතර, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp