Impartial news reporting for a stronger democratic society
අමෙ­රි­කා ජාත්‍ය­න්ත­ර­යට භයා­නක පූර්වා­ද­ර්ශ­යක් සපයා තිබෙනවා – නිකො­ලස් මදු­රෝගේ පුත්‍රයා වෙනි­සි­යු­ලා පාර්ලි­මේන්තුවේදී කියයි

අමෙ­රි­කාවේ අත්අ­ඩං­ගු­වට පත් වී  නිකො­ලස් මදු­රෝගේ පුත්‍රයා වන වෙනි­සි­යු­ලාවේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නිකො­ලස් අර්නස්ටෝ මදුරෝ ගුවේරා ඊයේ (07) එරට පාර්ලි­මේ­න්තුව අමතා විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

නිකො­ලස් මදුරෝ පැහැ­ර­ගෙන යෑමෙන් පසු පළ­මු­ව­රට පාර්ලි­මේ­න්තුව ඇමතූ ඔහු සඳ­හන් කැර ඇත්තේ අමෙ­රි­කාව සිදු­කළ නීති­ වි­රෝධී මෙහෙ­යුම ජාත්‍ය­න්ත­ර­යට භයා­නක පූර්වා­ද­ර්ශ­යක් සපයා දෙන බවයි.

රාජ්‍ය නාය­ක­යකු පැහැ­ර ­ගැ­නීම සාමාන්‍ය සිදු­වී­මක් ලෙස සැල­කී­මෙන් කිසිදු රාජ්‍ය­යක් ආර­ක්ෂිත නොවන බව ප්‍රකාශ කැර ඇති මදු­රෝගේ පුත්‍රයා, අද වෙනි­සි­යු­ලා­වට අත් වූ ඉර­ණම හෙට තවත් රටක සිදු­විය හැකි බවට ද අන­තුරු අඟවා තිබේ.

සිය මවුපි­යන් වහාම නිද­හස් කරන ලෙස ඔහු අමෙ­රි­කා­වෙන් ඉල්ලී­මක් කර ඇති අතර, අධි­ක­ර­ණයේ ගොනු කළ අධි­චෝ­දනා පත්‍ර­යට ඔහුගේ නම ඇතු­ළත් කිරීම හෙළා දකින බව ද ප්‍රකාශ කැර තිබේ. ඔබ නැවත පැමි­ණෙන තුරු අපගේ රාජ­කා­රිය ඉටු කරන බව කිය­මින් ඔහු සිය කතාව අව­සා­න­යේදී පියාට පණි­වු­ඩ­යක් ද නිකුත් කළ බව සඳහාන් වෙයි.( දිනමිණ ඇසුරෙන් )

Follow by Email
LinkedIn
Share
WhatsApp