Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඊශ්‍රායල සෙබළුන් ගොඩබිමින් එනතුරු බලා සිටිනවා : ‘ආවොත් දවා අළු කරනවා’ – ඉරාන කථානායක කියයි

අමෙරිකානු සහ ඊශ්‍රායල සෙබළුන් ගොඩබිම හරහා ඉරානයට ඇතුළු වුවහොත් ඔවුන් මතට  “ගිනි වර්ෂා” ඇති කැර දවා අළුකිරීමට තම හමුදාවන් සූදානමින් සිටින බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) ප්‍රකාශ කැර ඇත.

නාවිකයන් සහ මැරීන් භටයින් 3,500කුගෙන් සමන්විත USS ට්‍රිපොලි යුද නෞකාව කලාපයට පැමිණ ඇති බවට ධවල මන්දිරයෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා මේ බව සඳහන් කැර තිබේ.

කෙසේ නමුත් අමෙරිකාව රහසිගතව ගොඩබිම් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව ගලිබාෆ් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මේ අතර වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පත සඳහාන්  කරන්නේ, අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය ඉරානය තුළ සති කිහිපයක දැවැන්ත ගොඩබිම් මෙහෙයුම් සඳහා මේ වන විටත් සූදානම් වෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, මෙම යුධ මෙහෙයුම් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් අනුමැතිය ලබා දෙනු ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් ප්‍රකාශයට පත් වී නොමැත.

Follow by Email
LinkedIn
Share
WhatsApp