
අමෙරිකා – ඊශ්‍රායල රෙජිමය එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා ටැංසිරි ඝාතනය වී ඇති බව අනාවරණය වි ඇත.
බණ්ඩර් අබ්බාස් (Bandar Abbas) ප්‍රදේශයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහු මියගිය බව විදේශ මාධ්‍යය සඳහාන් කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට සෘජුවම වගකිව යුතු ප්‍රධාන නිලධාරියා ලෙස ටැංසිරි සැලකෙන අතර, ඔහුගේ මරණය ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධයේදී අමෙරිකානු සහ ඊශ්‍රායල හවුල් ප්‍රහාර හමුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු, ඊශ්‍රායලය දිගින් දිගටම ඉරාන ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කරමින් සිටියි. පසුගිය දිනවලදී ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි (Ali Larijani) සහ බලශක්ති ඇමැති එස්මයිල් ඛතීබ් (Esmail Khatib) ද මෙලෙස ඉලක්ක ගත ප්‍රහාරවලින් ඝාතනය වූ බව වාර්තා විය.
