Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව IRIS Dena නෞකාවට පහර දීමේ වාඩුව ගන්නවා  – ඉරාන හමුදාපති අමීර් හතාමි

ඉන්දියන් සාගරයේදී ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ලබාදෙන බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා ඇත.

යුද අභ්‍යාසයක් නිමා කර යළි ඉරානය බලා  යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කැර ඇති බවත්, සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවද ඉරාන හමුදාපති අමීර් හතාමි සඳහන් කරයි.

ඉරාන IRIS Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතිනු ඇති බවද ඉරාන හමුදාපති අමීර් හතාමි සඳහන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp