Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැන් කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් සිටිනවා – චීන විදේශ ඇමැති වැන්ග් ශ්‍රී ලංකාවේදී කියයි

  අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැන් කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බවත්, ඊට විරුද්ධව නැඟිටින චීනය සමාන අදහස් ඇති රටවල් සමඟ එක්ව කටයුතු කරන බව චීන විදේශ  ඇමැති වැන්ග් , ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.

කෙටි සංචාරයක් සඳහා පසුගිය දා (12) ශ්‍රී ලංකාවට පැමිණි  චීන විදේශ  ඇමැතිවරයා තවදුරටත් මෙසේ පවසා තිබේ.

වඩ වඩාත් සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වයක් හමුවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා චීනය දැඩි ලෙස ආරක්ෂා කරනවා. විශේෂයෙන්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලතින්  අමෙරිකාවේ වෙනිසියුලාව හමුදා ආක්‍රමණයක් කර ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් දින කිහිපයකට පසු තවත් රටවල් ගණනාවකට  බලපෑම් කරමින් සිටිනවා.

ඉරානය සමඟ වෙළෙඳාම් කරන රටවලට සියයට 25 ක දණ්ඩනීය තීරුබදු ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ඔහු දැන් තර්ජනය කර තිබෙනවා.

චීනය ,සියලු ආකාරයේ බල දේශපාලනයට සහ හිරිහැර කිරීම්වලට එරෙහි වන බවත්, බහුපාර්ශ්විකත්වය , ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කරන බවත් වැන්ග් පවසා  ඇති බව ෂින්හුවා  පුවත් සේවය සඳහා කෙළේය.

Follow by Email
LinkedIn
Share
WhatsApp