Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව ගොඩබිම් හමුදා එව්වොත් වියටිනාමයේදී සිදු වු දේට නොදෙවැනි ව්‍යසනයකට මුහුණදීමට සිදු වෙනවා – ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති සයීඩ් කතිබිසාඩේ කියයි

අමෙරිකාව සමඟ මේ මොහොතේ කිසිදු රාජ්‍යතාන්ත්‍රික විසදුමක් බලාපොරොත්තු නොවන බවත්, අවශ්‍ය ඕනෑම කාලයක් සටන් කිරීමට ඉරානය සූදානමින් පසුවන බව ඉරාන නියෝජ්‍ය විදේශ  ඇමැති සයීඩ් කතිබිසාඩේ (Saeed Khatibzadeh) සඳහන් කරයි.

තවදුරටත් ඔහු පවසා ඇත්තේ,අමෙරිකාව සිය ගොඩබිම් හමුදා තම රට තුළට යෙදවුවහොත් ඔවුන්ට ‘වියට්නාමයේ සිදුවූවාක් වැනි’ දැවැන්ත ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

ඉරානය සමඟ ගොඩබිම් යුද්ධයකට එළඹීම අමෙරිකාවට පාලනය කරගත නොහැකි විනාශකාරී වැරැද්දක් වනු ඇති බවද ඉරාන නියෝජ්‍ය විදේශ  ඇමැතිවරයා  පෙන්වා දෙයි.අමෙරිකාව සිදු කිරීමට සැරසෙන ඕනෑම හමුදාමය මැදිහත්වීමක් නොසැලකිලිමත් ක්‍රියාවක් බවත්, ඉරානයේ ස්වෛර්භාවය වෙනුවෙන් දීර්ඝකාලීන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානමින් සිටින බව බවද විදේශ ඇමැතිවරයා සඳහන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp