Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව අපට පහර දුන්නහොත් දෙවරක් නොසිතා ප්‍රතිප්‍රහාර එල්ල කරනවා – ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාව යම් හෙයකින්  ඉරානයට පහර දුන්නහොත් දෙවරක්  නොසිතා  ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා  ඇතැයි විදේශ මාධ්‍යය සඳහාන් කරයි.
රාජ්‍ය විරෝධී උද්‌ඝෝෂකයන් ඝාතනය කළහොත්, ඉරානයට පහර දෙන බවට අමෙරිකාව  කිපවරක්  තර්ජනය කර ඇති බව සඳහාන්ය.

ඉරාන රාජ්‍ය විරෝධී උද්‌ඝෝෂණ උත්සන්න වී ඇති අවස්ථාවක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය නිදහස දෙස බලා සිටින බැවින් ඊට අමෙරිකාව උදව් කිරීමට සූදානම් බවයි.

අමෙරිකාව පහර දුන්නොත්, ඊශ්‍රායලය, කලාපයේ එක්සත් ජනපද හමුදා සහ නැව් මධ්‍යස්ථාන දෙකම ඉලක්ක වන බවද ඉරාන කථානායකවරයා පවසා තිබේ.ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් චෝදනා කරන්නේ තම රටේ නොසන්සුන්තාවට අමෙරිකාව සහ ඊශ්‍රායලයට වගකිව යුතු බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp