Impartial news reporting for a stronger democratic society
අමෙ­රි­කාව අතරමැදි­යන් හරහා සාම සාකච්ඡා ඉල්ලනවා ! ට්‍රම්ප් කියන කතා ලෝකය පිළිගන්නේ නැහැ – ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක කියයි

අමෙ­රි­කානු සහ ඉරාන නියෝ­ජි­ත­යන් අතර පැවැති සාක­ච්ඡා­ව­කින් පසු යුද මෙහෙ­යුම් දින 5කට අත්හි­ට වූ බවට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශය පදනම් විරහිත බව ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක මොහො­මඩ් බගාර් ප්‍රකාශ කරයි.

අමෙරිකා – ඊශ්‍රායල  දෙපාර්ශ්වය සමඟ 25 වැනි දින­ය­ටත් යුද ගැටුම් සිදු වූ බව ඉරාන  කථා­නා­යක මොහො­මඩ් බගාර් ප්‍රකාශ  කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් ඇතු­ළත විවෘත නොක­රන්නේ නම් ඉරා­නයේ සියලු බලා­ගාර විනාශ කරන බවට අන­තුරු ඇඟවූ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා පෙරේදා (23) පස්ව­රුවේ ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් යුද ගැටුම් අත්හි­ටවූ බවට නිවේ­ද­නය කැර ඇත.

 

දෙපා­ර්ශ්වය අතර කිසිදු සාක­ච්ඡා­වක් නොපැ­වැත්වූ බව ඉරානය කියයි. පෙරේදා (23) රාත්‍රියේ  ඉරාන විප්ලවීය හමු­දාව ඊශ්‍රා­ය­ල­ය, බහ­රේන්, සවුදි අරා­බිය සහ කුවේට් රාජ්‍යය ඉලක්ක කර­මින් මිස­යිල ප්‍රහා­ර­ එල්ල කැර ඇති බව  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. ඊට ප්‍රති­චාර ලෙස ඊයේ(24) අලු­යම ඊශ්‍රා­යල හමු­දාව ටෙහෙ­රාන් අග­නු­ව­රට දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කැර ඇති අතර, තව­දු­ර­ටත් එරට යටි­තල පහ­සු­කම් ඉලක්ක කර­ගන්නා බව නිවේ­ද­නය කැර තිබේ.

ඉරාන නිල­ධා­රීන් අමෙ­රි­කාව සමඟ කිසිදු සම්බ­න්ධ­තා­වක් පවත්වා නොමැති බව නිවේදනය කැර තිබේ.ඉරානය, ට්‍රම්ප්ගේ නිවේ­ද­නය ප්‍රති­ක්ෂේප කිරී­මෙන් පසු ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් ධවල මන්දි­රය සඳ­හන් කර ඇත්තේ ඉරා­න­යට තව­දු­ර­ටත් සාකච්ඡා මේසය විවෘ­තව ඇති බවයි. අමෙ­රි­කානු ජනා­ධී­ප­ති­ව­රයා යුද මෙහෙ­යුම් යළි ආරම්භ කිරි­මට පෙර ඉරා­න­යට තවත් අව­ස්ථා­වක් ලබාදී ඇතැයි ද ධවල මන්දි­රය වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර ඇතැයි සඳහින් වේ. මේ අතර ඉරාන විදේශ අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රි­යකු බීබීසී පුවත් සේව­යට සඳ­හන් කැර ඇත්තේ අමෙ­රි­කාව මැදි­හ­ත්ක­රු­වන් හරහා ඉරා­න­යට සාම සාකච්ඡා සඳහා කරුණු ඉදි­රි­පත් කැර ඇති බවය.

Follow by Email
LinkedIn
Share
WhatsApp