
අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය සඳහාන් කරයි.
තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.
සැකකරු වෙඩික්කරු, වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවද පොලීසිය පවසා තිබේ.
එමෙන්ම මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද එරට පොලීසිය දන්වා ඇත.
බ්‍රවුන් විශ්ව විද්‍යාල ප්‍රදේශය සඳහා ආරක්ෂිත අනතුරු ඇඟවීමක් තවමත් ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාලයද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
සැකකරු සොයා විමර්ශන පැවැත්වෙන බව සදහන් වේ.
