
අමෙරිකා නාවික ලේකම් ජෝන් ෆෙලන් ට සිය ධුරයෙන් ඉවත් වන ලෙස ට්‍රම්ප් පාලනය දැනුම් දුන් බව පෙන්ටගනය නිවේදනය කරයි.
ඔහුගේ ඉවත්වීම “වහාම ක්‍රියාත්මක වන” බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කැර තිබේ.
නාවික හමුදා උප ලේකම් හං කාඕ වැඩබලන ලේකම් ලෙස කටයුතු කරනු ඇති බව ද සඳහන් වේ.
ඒ අනුව මෑත මාසවලදී පරිපාලනයෙන් ඉවත් වූ නවතම ඉහළ පෙළේ හමුදා නායකයා ෆෙලන් ය.
ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව අවහිර කිරීම මධ්‍යයේ ඔහුගේ ඉවත්වීම සිදු වේ.
මොහු 2024 වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද අතර, 2025 මාර්තු මාසයේදී නාවික හමුදා ලේකම් ලෙස දිවුරුම් දුන් අයෙකි.
ෆෙලන්ගේ ඉවත්වීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
