Impartial news reporting for a stronger democratic society
අමෙරිකාවේ තෙල් නැවක් ඉරාන නැවියන් පුපුරවා හරී

ඉරා­කයේ බස්රා නුවර මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ අමෙ­රි­කා­වට අයත් තෙල් නෞකා­ව­කට ඉරාන නාවික හමු­දා­වෙන් ප්‍රහා­ර­යක් එල්ල  කැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ඉරා­කයේ බස්රා නුවර මුහුදු සීමාව ආස­න්න­යේදී එම තෙල් නෞකා­වට එල්ල වූ ප්‍රහා­ර­යෙන් විශාල ගින්නක් හට­ගෙන ඇති අතර, නෞකාවේ කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යකු ද ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි වාර්තා වේ. නෞකාවේ සිටි කාර්ය මණ්ඩ­ලයේ සෙසු සාමා­ජි­ක­යන් 15 දෙනකු නිරු­ප­ද්‍රි­තව ඉවත් කැර    ­ගැ­නී­මට ඉරාක බල­ධා­රින් පිය­වර ගත් බවද අනාවරණය වෙයි.

ඉරා­නයේ ෆාර්ස් පුවත් ඒජ­න්සිය සඳ­හන් කර ඇත්තේ විනාශ වූ නෞකාව මාෂල් දූපත් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍ර කළ සෆී­සියා විෂ්ණු නැමැති නෞකා­වක් බවය. පෙරේදා(12) රාත්‍රියේ පුපු­රණ ද්‍රව්‍ය පැටවූ මිනි­සුන් රහිත බෝට්ටු­වක් අධික වේග­යෙන් පැමිණ එම නෞකාවේ ගැටී­මත් සමඟ නෞකාව පුපුරා ගොස් ඇති අතර, ඉරාන ආර­ක්ෂක හමු­දාවේ අණ නොතකා යාත්‍රා කිරීම හේතු­වෙන් එම ප්‍රහා­රය එල්ල වී ඇතැයි ෆාර්ස් පුවත් ඒජ­න්සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp