Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව,ඊශ්‍රායලය සමඟ එක්ව ආචාර්ය අහමඩි නෙජාඩ්ට සහ පවුලේ අය මරා දමයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ හිටපු ජනාධිපති ආචාර්ය අහමඩි නෙජාඩ්ට පවුලේ  සියලු සමාජිකයන්  අමෙරිකා – ඊශ්‍රායල එකාබද්ධ ප්‍රහාරයකින් ඊයේ (28) ඝාතනය වී  තිබේ.

හිටපු ජනාධිපති අහමඩි නෙජාඩ්ට ශ්‍රී ලංකාවට සිටි  විශ්වාසවන්ත මිතුරෙකි.  ඒ‍ල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙන ගිය යුද්ධය නවතා දමන ලෙස, අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ගෙන ආ  විවිධ වු බලපෑම් පරාජය කිරිමට අහමඩි නෙජාඩ්ට සහ ඉරානය කටයුතු කළ ආකාරය ඉතා ප්‍රසංශනීය බව සඳහාන් කළ යුතු කරුණකි. විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදීත්,ඉන් පසු අවස්ථාවක එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධය කැර ගෙන යෑමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ආයුධ හිඟයක්  ඇති වු අවස්ථාවේදීත් දෙවරක් නොසිතා නොමිලේ  ආයුධ ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජයේ හිටපු ජනාධිපති අහමඩි නෙජාඩ්ට කටයුතු කළ  බව  මතක් කැර දීම  වැදගත්ය.

Follow by Email
LinkedIn
Share
WhatsApp