Impartial news reporting for a stronger democratic society
අමෙරිකානු ආධිපත්‍යය බිඳ දමා වෙනිසියුලාව රැක ගන්න එක් වෙමු – ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ පොදු ප්‍රකාශනයකට   අත්සන් තබමින් කියයි

ස්වෛරීභාවය, සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැඳි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇති බව වෙනිසියුලාව තුළ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ඊයේ (05) නිකුත් කළ  පොදු ප්‍රකාශනයේ සඳහාන් වෙයි.

එම ප්‍රකාශනයේ තවදුරටත් මෙසේ ද සඳහාන්  ඇත.

ජනාධිපති නිකොලස් මධුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් පැහැර ගැනීම ඇතුළුව, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ විසින් ඔවුන්ගේ ගැඹුරු කනස්සල්ල සහ දැඩි විරෝධය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර වරමකින් තොරව ගනු ලැබූ එම පියවර, ජාතික ස්වෛරීභාවය සහ ස්ථාපිත ජාත්‍යන්තර නීති සම්මතයන් කෙරෙහි ගරු කිරීම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරයි.

වෙනිසියුලාව තුළ මහජන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තා ද අපි කනස්සල්ලෙන් යුතුව සටහන් කරමු. මෙම සිදුවීම් අත්‍යවශ්‍ය සේවාවන්ට බලපා ඇති අතර සිවිල් ජනතාව සැළැකිය යුතු දුෂ්කරතාවයන්ට ගොදුරු කොට ඇති බව පෙනේ. සිවිල් වැසියන්ට හානි කරන හෝ මූලික සේවාවන්ට බාධා කරන ඕනෑ ම ක්‍රියාවක් ජාත්‍යන්තර මානුෂීය මූලධර්මවලට පැහැදිළිව ම පටහැනි වන අතර එය යුද අපරාධ ලෙස සැළැකිය හැකිය.

මෙම මැදිහත්වීම සඳහා පදනම වශයෙන් ප්‍රකාශිත “මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්” වටා සැකසුනු  සාධාරණීකරණය දැඩි ලෙස ප්‍රශ්න සහගත ය. එය හමුදා ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීම සඳහා සනාථ නොකළ ප්‍රකාශ භාවිතා කළ පෙර අවස්ථාවන්ට – එනම්, ඉරාකයේ සමූලඝාතක ආයුධ ඇති බවට නැගුනු චෝදනාවන්ට සමානකම් දක්වයි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ එවැනි තර්ක ප්‍රතික්‍ෂේප කරන අතර එවැනි හේතූන් වෙනත් ජාතියක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා ප්‍රමාණවත් පදනමක් ලෙස නො සළකයි.

ස්වෛරීභාවය, සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැඳි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇත. මෙම මූලධර්මවලට අනුකූලව, මෙම ක්‍රියාවන්ට අප්‍රසාදය පළ කරමින් සහ ගෝලීය බලවතුන්ගේ අනවශ්‍ය බලපෑම්වලින් තොර ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා රටේ කැපවීම නැවත තහවුරු කරමින්, පැහැදිලි සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

වෙනිසියුලාවේ ජනතාව සමඟ අපගේ සහයෝගීතාව නැවත අවධාරණය කරන අතර, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනයට එරෙහිව ක්‍රියා කරන ලෙසත්, සාමය, ස්ථාවරත්වය සහ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.

අතිගරු මෛත්‍රිපාල සිරිසේන– 6 වැනි විධායක ජනාධිපතිවාසුදේව නානායක්කාර -ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
දුමින්ද දිසානායක– ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයඅසංක නවරත්න -ශ්‍රී ලංකා මහජන පක්‍ෂය
දයාසිරි ජයසේකර– ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයඋදය ගම්මන්පිල– පිවිතුරු හෙළ උරුමය
වජිර අබේවර්ධන– එක්සත් ජාතික පක්‍ෂයතිලංග සුමතිපාල– එක්සත් ජනතා නිදහස් සන්ධානය
රවුෆ් හකීම් -ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයතිස්ස ජයවර්ධන යාපා මහජන එක්සත් පෙරමුණ
විමල් වීරවංශ– ජාතික නිදහස් පෙරමුණසුගීෂ්වර බණ්ඩාර නව ජනතා පෙරමුණ
එස්. හපුආරච්චි -ලංකා සමසමාජ පක්‍ෂයප්‍රේමනාත් දොළවත්ත -නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ජී. වීරසිංහ– ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය 
Follow by Email
LinkedIn
Share
WhatsApp