Impartial news reporting for a stronger democratic society
අමෙරිකානුවන් සමඟ කතා කරන්න අපට අවශ්‍ය නැහැ – ඉරාන විදේශ ඇමැති කියයි

ඉරාන ඉස්ලාමිය ජනරජය කිසිම අවස්ථාවක අමෙරිකාවෙන් සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉල්ලීම කැර නොමැති බව එරට විදේශ ඇමැති අබ්බාස් අරග්චි  ප්‍රකාශ කැර තිබේ.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරානය විදේශ  ඇමැතිවරයා  මෙසේද සඳහන් කෙළේය.

අමෙරිකා එක්සත් ජනපදය සහ ට්‍රම්ප්  මෙවැනි ප්‍රකාශන හිතාමතා  ප්‍රකාශ කරනවා. මෙය ඉරානය හොඳින් අවබෝධ කැර ගෙන සිටිනවා. තම රටේ  ආරක්ෂාව වෙනුවෙන් අප ඉදිරියටත්  කටයුතු කරනවා.

අපට අමෙරිකානුවන් සමඟ කතා කිරීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැහැ. මොකද ඔවුන් අපට පහර දීමට තීරණය කරන විටත් අප ඔවුන් සමඟ සාකච්ඡා කරමිනුයි සිටියේ ” යැයි විදේශ ඇමැති අබ්බාස් අරග්චි  වැඩි දුරටත් පැවසීය.

Follow by Email
LinkedIn
Share
WhatsApp