Impartial news reporting for a stronger democratic society
අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් වහා නතර කරන්නැයි   මධ්‍යම පරිසර අධිකාරියට නියෝග

අම්බුළුවාව කඳුකර කලාපය සහ පාරිසරික ප්‍රදේශය තුළ සියලුම ඉදිකිරීම් කටයුතු වහා නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට (CEA) උපදෙස් දී  ඇත.

ඊට අමතරව, අදාළ ගැටලු විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍යාංශය යෝජනා කැර ඇති බව  අනාවරණය වෙයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියා කරමින්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්, වාර්තාකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් සමඟ අම්බුළුවාව පාරිසරික කලාපය නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp