
අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයා ගැනීමට හැකිව තිබේ.
පසුගිය 22 වැනිදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවකුට එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබු අතර අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය පැවසීය.( දිනමිණ ඇසුරෙන්)
