Impartial news reporting for a stronger democratic society
අබුඩාබි  සාකච්ඡා මැද රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර

රුසියා, අමෙ­රිකා සහ යුක්රේන නියෝ­ජි­ත­යන්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු­ඩාබි ­නු­ව­රදී පළ­මු­ව­රට පැවති ත්‍රෛපා­ර්ශ්වික සාක­ච්ඡාව අත­ර­තුර, රුසි­යානු හමු­දා­වෙන් යුක්රේ­නයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහා­ර­යක් එල්ල  කැර ඇත.

රුසියාව සහ යුක්රේනය අතර පවතින  යුද්ධයට  විස­ඳු­මක් සොයමින් මෙම ත්‍රෛපා­ර්ශ්වික සාක­ච්ඡාව පසුගිය දා අබුඩාබි නුවරදී පැවත් විණි.

යුක්රේ­නයේ කීව් අග­නු­වරට සහ ඊසා­න­දිග නග­ර­යක් වන කාකීෆ් වෙත එල්ල වූ රුසි­යානු ගුවන් ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යකු ජීවිත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 35 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

කෙසේ වෙතත් ත්‍රෛපා­ර්ශ්වික දෙවැනි වටයේ සාක­ච්ඡා­වක් නැවත වරක් අබු­ඩාබි නුව­ර­දීම පැවැ­ත්වී­මට අමෙ­රි­කාවේ අව­ධා­නය යොමු වී ඇත. යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙන්ස්කි ද ඊට එක­ඟ­තාව පළ කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

වසර 4ක් පුරා ඇදී යන යුක්රේන යුද අර්බු­දය නිමා කිරීම සඳහා අබු­ඩාබි නුවර පැවති දෙදින සාක­ච්ඡා­වට යුක්රේ­නය වෙනු­වෙන් එරට ආර­ක්ෂක ඇමැති රස්ටම් උමේ­රොව් සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානි කිරිලෝ බුඩා­නොව් ද, රුසි­යාවේ ත්‍රිවිධ හමු­දාවේ සහ බුද්ධි අංශයේ ඉහළ නිල­ධා­රින් ද සහ­භාගි වී ඇති අතර, මැදි­හත් පාර්ශ්වකරුවන් වන අමෙ­රි­කාව නියෝ­ජ­නය කර­මින් ජනා­ධි­පති ට්‍රම්ප්ගේ විශේෂ නියෝ­ජිත ස්ටිව් විට්කොෆ්, බෑන­ණු­වන් වන ජෙරාඩ් කුෂ්නර් සමඟ ධවල මන්දි­රයේ ජ්‍යෙෂ්ඨ උප­දේ­ශ­ක­වරු පිරි­සක් සහ­භාගි වී ඇති බව සඳහාන්ය.

කෙසේ  නමුත් මෙම ත්‍රෛපා­ර්ශ්වික  සාකච්ඡාව තීර­ණ­ය­කින් තොරව නිමා­වට පත්වූ බව  අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp