Impartial news reporting for a stronger democratic society
අග්නිදිග ආසියාවේ IS ක්‍රියාකාරකම් ඉහළට

ඉන්දු­නී­සි­යාව, පිලි­පී­නය සහ මැලේ­සි­යාව කේන්ද්‍ර කර­මින් අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නය සහ එහි අනු­බ­ද්ධිත ත්‍රස්ත සංවි­ධාන වර්ධ­නය වෙමින් පව­තින බව අනාවරණය වී තිබේ.

 අග්නි­දිග ආසි­යා­තික බුද්ධි  විමර්ශනවලින් තොර­තුරු හෙළි වී ඇති අතර, අන්ත­ර්ජා­ලය ඔස්සේ සිදු කරන ක්‍රියා­කා­ර­කම් ද ඉහළ ගොස් විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි.

එම බුද්ධි තොරතුරුවලට අනුව , අයි­එස් ත්‍රස්ත සංවි­ධාන අන්ත­ර්ජා­ලය භාවිත කර­මින් සිය ක්‍රියා­කා­ර­කම් ඉහළ නැංවී­මෙන් සමාජ මාධ්‍ය භාවි­තය ද අව­දා­නම් තත්ත්ව­ය­කට පත්වී තිබේ

 පසු­ගිය දෙසැ­ම්බ­රයේ ඔස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ යුදෙව් ජාතික ආග­මික උත්ස­ව­යක් කේන්ද්‍ර කර­මින් සිදු වූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බ­න්ධ ­වූ­වන් එම ප්‍රහා­ර­යට පෙර පිලි­පී­නයේ මින්ඩ­නාඕ දූපතේ සංචා­රය කළ බවට තොර­තුරු වාර්තා වීමෙන් පසු අයි­එස් ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් පිලි­පී­න­යට ද ව්‍යාප්ත වූ බව අනා­ව­ර­ණය වී තිබේ. එහෙත් බොන්ඩායි මුහුදු වෙරළේ වෙඩි ප්‍රහා­රය සිදු කළ පිය පුතු දෙදෙනා මින්ඩ­නාඕ දූප­තේදී පුහු­ණුව ලැබූ බවට විම­ර්ශ­ක­යන් සිදු කළ ප්‍රකා­ශය පිලි­පීන බල­ධා­රීන් ප්‍රති­ක්ෂේප කළ බව ද විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එම ත්‍රස්ත ව්‍යාපා­රය ඇෆ්ග­නි­ස්තා­නයේ සහ පාකි­ස්තා­නයේ මෙන්ම මධ්‍යම ආසි­යා­තික කලා­පයේ ක්‍රියා­ත්මක වන අයි­එස් අනු­බ­ද්ධිත සංවි­ධා­න­යක් බව ද හෙළි වී තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp